දිවයිනට එන සංචාරකයින්ට කටුනායක ගුවන්තොටින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇරඹේ (ඡායාරූප)

දිවයිනට පැමිණෙන සංචාරකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී විවෘත කෙරුණා.

ඒ, ප්‍රවාහන මහාමාර්ග සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.

මෙම කවුළුවෙන් දිවයිනට පැමිණෙන සංචාරකයින්ට මෙරට රියදුරු බලපත්‍රක් විනාඩි 05ක් වැනි සුළු කාලයකින් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයන්ට විද්‍යුත් තැපෑල මගින් මෙම කාර්යාල වෙත තම අයදුම් පත් යොමු කිරීමේ හැකියාව තිබෙනවා.

එමගින් මෙම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කාලය තවදුරටත් අවම කර ගැනීමේ හැකියාව පවතිනවා.

මෙම කවුළුව මඟින් නිකුත් කළ ප්‍රථම රියැදුරු බලපත්‍රය ඉන්දියානු ජාතිකයෙකුටත්, දෙවැන්න මෙරට සංචාරයකට පැමිණි ඉතාලි ජාතිකයෙකුටත් අමාත්‍යවරයා විසින් පිරිනමනු ලැබුවා.

WhatsApp Image 2025 08 03 at 5.13.45 PM scaled
WhatsApp Image 2025 08 03 at 5.13.43 PM 2 scaled
WhatsApp Image 2025 08 03 at 5.13.43 PM 1 scaled
WhatsApp Image 2025 08 03 at 5.13.43 PM scaled
WhatsApp Image 2025 08 03 at 5.13.42 PM scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?