තවත් කොස්ගොඩ වෙඩිතැබීමක් තරුණයෙක් ජිවිතක්ෂයට

කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී අද (31) අලුයම සිදුවූ වෙඩිතැබීමකදී 23 හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇත.

යතුරුපැදියකින් පැමිණි පිරිසක් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.මිය ගිය තරුණයා සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.මිය ගිය තරුණයාගේ පියා කොස්ගොඩ ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයකු බවද පොලීසිය කියයි.