ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු ඊයේ (27) මාතර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
සැකකරු 33 හැවිරිදි වියේ පසුවන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරු සමඟ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාරගේ වැලිගම, උඩුකාව ප්‍රදේශයේ නිවසට ඉකුත් 16 දින උදෑසන 4.40 පමණ වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර වෙඩික්කරුවන් පළාගොස් තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1





