ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් තායිලන්තය හා කාම්බෝජය සටන් විරාමයකට එකඟවෙයි

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

දෙරටේම අගමැතිවරුන් සමඟ පැවැත්වූ දුරකථන සංවාදවල දී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි බවයි ට්‍රම්ප් ජනධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම දෙරටේ නායකයින් නුදුරු දිනක දී හමුවීමටත් එහිදී එකඟතාවකට පැමිණ තිබෙනවා.

මේ අතර දෙරටම සටන් විරාමයකට එකඟ නොවුණහොත් ඇමරිකාව සමඟ ඇති වෙළඳ ගිවිසුම් අත්හිටුවන බවට ද ඇමරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා.

කාම්බෝජය සහ තායිලන්තය සඳහා එක්සත් ජනපද තීරුබදු බලාත්මක වීමට සතියකට පෙර ට්‍රම්ප් ජනධිපතිවරයා මෙම මැදිහත්වීම සිදුකර තිබෙනවා.

තායිලන්ත – කාම්බෝජ දේශසීමා ගැටුම් ආරම්භ වී අදට දින 04ක් ගතවන අතර, මෙම ගැටුම්වලින් 33 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ අතර දෙරට අතර පවතින ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (26) හදිසි රැස්වීමක් ද කැඳවා තිබුණා.

දෙරට අතර පවතින ආරවුල සියවසකට වඩා පැරණි ආරවුලක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?