ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් තායිලන්තය හා කාම්බෝජය සටන් විරාමයකට එකඟවෙයි

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

දෙරටේම අගමැතිවරුන් සමඟ පැවැත්වූ දුරකථන සංවාදවල දී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි බවයි ට්‍රම්ප් ජනධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම දෙරටේ නායකයින් නුදුරු දිනක දී හමුවීමටත් එහිදී එකඟතාවකට පැමිණ තිබෙනවා.

මේ අතර දෙරටම සටන් විරාමයකට එකඟ නොවුණහොත් ඇමරිකාව සමඟ ඇති වෙළඳ ගිවිසුම් අත්හිටුවන බවට ද ඇමරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා.

කාම්බෝජය සහ තායිලන්තය සඳහා එක්සත් ජනපද තීරුබදු බලාත්මක වීමට සතියකට පෙර ට්‍රම්ප් ජනධිපතිවරයා මෙම මැදිහත්වීම සිදුකර තිබෙනවා.

තායිලන්ත – කාම්බෝජ දේශසීමා ගැටුම් ආරම්භ වී අදට දින 04ක් ගතවන අතර, මෙම ගැටුම්වලින් 33 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ අතර දෙරට අතර පවතින ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (26) හදිසි රැස්වීමක් ද කැඳවා තිබුණා.

දෙරට අතර පවතින ආරවුල සියවසකට වඩා පැරණි ආරවුලක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?