යුරෝපයට පනින්න හැදූ ඉරාන ජාතිකයාගේ තැත කටුනායක දී වරදියි

කූඨ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත පැන යාමට තැත් කළ ඉරාන ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (19) රාත්‍රියේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ඉරාන ජාතිකයා 47 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මොහු ඊයේ (19) රාත්‍රී 08.00ට ජපානයේ නරීටා බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදුකර ගැනීමේදී , ඔහු ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය පිළිබද සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් ඔහුගේ සියලුම ලියකියවිලි ද සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබෙනවා.

එහිදී සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වල දී මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවත්; ඒ සදහා ඔහු එරට තැරැව්කරුවෙකු වෙත ඇමෙරිකානු ඩොලර් 15,000ක් ගෙවා ඇති බවත් අනාවරණය කර ගැනීමටයි හැකිව ඇත්තේ.

තවදුරටත් ඔහුගේ මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ ඔහුගේ සැබෑ ඉරාන ජාතික ගමන් බලපත්‍රය සහ ජපානයේ නරීටා සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත යාමට ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් ද තිබී සොයාගැනීමට හැකිව තිබෙනවා.

අනතුරුව අත් අඩංගුවට ගත් මෙම ඉරාන ජාතිකයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01