පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය තව දුරටත් විදිමත් කර කාර්ය සාධනය ඉහළ දමා පොලිස් නිලධාරීන් වෙනුවෙන් මෙතෙක් හිමි නොවූ වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ රත්නපුර සහ සීතාවකපුර කොට්ඨාස දෙකේ පොලිස් නිලධාරීන්ගේ දූ දරුවන් සඳහ පාසල් උපකරණ සහ වව්චර පත් ලබාදීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමින්.
පොලිස් නිලධාරීන් වෙනුවෙන් ලබන වසරේ සිට නව වැටුප් ව්‍යුහයක් සැකසීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව සඳහන් කළ වැඩබලන පොලිස්පතිවරයා, පොලිස් නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවදානයට ද යොමුකර ඇති බවයි පැවසුවේ.
එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ කාර්ය සාධනය ද ඉතා ඉහළ ඉහළ මට්ටමක පවත්වාගෙන යා යුතු බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.














