සුවඳ විලවුන් වර්ගයක් ආඝ්‍රහණය කළ පාසල් සිසුන් තිදෙනෙකු ක්ලාන්තය, වමනය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් අද (16) දින ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ලිදුල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී අසේල මල්ලවආරච්චි මහතා මේ බව තහවුරු කළ බවයි.
තවලකැලේ නගරයේ ප්‍රධාන දමිළ පාසලක 6 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු පාසලට සුවඳ විලවුන් බෝතලයක් රැගෙන විත්, එය ඔහුගේ පන්තියේ මිතුරන් කිහිප දෙනෙකුට ස්ප්‍රේ කර (ඉස) ඇති අතර, පසුව එම සිසුන් රෝගාතුර වී ඇති බවයි වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
රෝහල් ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිතුමියගෙන් දසත ප්‍රාදේශීය වාර්තාකරු කළ විමසුමකට ඇය කියා සිටියේ 6 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු හිසේ කැක්කුමකට භාවිතා කරන ඖෂධ බෝතලයක් සුවඳ විලවුන් යැයි සිතා රැගෙන විත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුලේ නිල ඇඳුමට ඉස ඇති බවයි.





