රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් හා විශිෂ්ට කුසලතා ඇගයීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 57 වන අන්තර්ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් සිව් දෙනෙකු ලෝකඩ පදක්කම් 03 ක් සහ විශිෂ්ට කුසලතා ඇගයීම් සහතිකයක් දිනා ගෙන අද (15) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 90ක තරගකරුවන් 360 දෙනෙකුගේ සහභාගීත්වයෙන්, ජුලි 05 වැනි දින සිට 15 වැනි දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පවත්වා තිබූ බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

තරගාවලියට සහභාගී වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හිමරු අබේගුණරත්න, කොළඹ රාජකීය විද්‍යාලයේ මෙත්මක ජයසේන සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ රිත්මිණි වීරක්කොඩි යන සිසුන් තිදෙනා ලෝකඩ පදක්කම් දිනා ගැනීම කැපී පෙනුණා.

යාපනය සාන්ත ජෝන් විද්‍යාලයේ මෙනන් ශ්‍රීකරන් විශිෂ්ට කුසලතා ඇගයීම් සහතිකය දිනා ගැනීමට සමත් වුණා.

ඔවුන් අද අලුයම 05.10 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් ආයතනයේ නිලධාරීන් මෙන්ම මෙම සිසුන්ගේ දෙමාපියන් ගුරුභවතුන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47