මැලේසියාවේ දී ඇල්ලූ 26 දෙනෙකුගේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා පොලිසියට – පද්මේ හා සලින්ද ගැන නිල තොරතුරක් නැහැ (වීඩියෝ)

විවිධ වැරදි සම්බන්ධයෙන් මැලේසියාවේ දී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකුහේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා පොලිසිය වෙත එරටින් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.

අද (14) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු මැලේසියාවේ අත්අඩංගුවට ගත් බවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හෝ පොලිස් දෙපාර්තමේන්තු මට්ටමින් හෝ කිසිඳු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් මේ වනවිට මැලේසියාවට සහ තායිලන්තයට පිටව ගොස් ඇති බවත්, එම රටවල බලධාරීන් සමඟ සාකච්ඡාකර එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සදහා ප්‍රවේශයක් ලබාගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් වන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ද සමඟ සම්බන්ධ වී සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කිරීමට සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට තහනමක් නොමැති බවයි ඔහු මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51