බිරිඳගෙන් දික්කසාද වූ සතුට සමරන්න පුද්ගලයෙක් කිරිවලින් නාලා (වීඩියෝ)

දික්කසාද වූ සතුට සැමරීම වෙනුවෙන් පුද්ගලයෙක් කිරිවලින් ස්නානය කළ පුවත් පිළිබඳව ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මෙලෙස කිරිවලින් ස්නානය කර ඇත්තේ ඇසෑම්හි පදිංචි මනික් අලි නැමැති පුද්ගලයෙක්.

තම බිරිඳගෙන් නීත්‍යානුකූලව දික්කසාද වූ මෙම පුද්ගලයා තමන් දිගු කලක් බලා සිටි “නිදහස” ලබා ගත් බව පවසමින් මෙලෙස කිරිවලින් ස්නානය කර තිබෙනවා.

ප්‍රදේශවාසීන්ට අනුව, යුවළ ඔවුන්ගේ විවාහය නීත්‍යානුකූලව අවසන් කිරීමට තීරණය ගැනීමට පෙර ඔහුගේ බිරිඳ අවස්ථා දෙකක දී අනියම් පෙම්වතා සමඟ පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

“දික්කසාදය අවසන් කර ඇති බව මගේ නීතිඥවරයා ඊයේ මට දැනුම් දුන්නා. ඉතින්, අද මම මගේ නිදහස සැමරීමට කිරිවලින් ස්නානය කරනවා,” යනුවෙන් පවසමින් ඔහු මෙලෙස කිරි ලීටර් 40ක් ස්නානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මධ්‍යයේ සංසරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
5
+1
88
+1
3
+1
3
+1
2
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?