ශ්‍රී ලංකාව සඳහා වන අමෙරිකා එක්සත් ජනපදයේ නව තානාපතිවරයා ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී එරික් මේයර් පත්කර තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ එම තීරණය ධවල මන්දිරය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
එරික් මේයර්, කැලිෆෝනියා බර්ක්ලි විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර, ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ද හිමිකරගෙන තිබෙනවා.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උසස් සහ කුසලතා ගෞරව සම්මාන කිහිපයක් ලබා ඇති ඔහුට ඩෙන්මාර්ක, ප්‍රංශ, කෙමර්, රුසියානු සහ ස්පාඤ්ඤ භාෂා චතුර ලෙස හැසිරවීමේ හැකියාව පවතිනවා.





