බංග්ලාදේශයට එරෙහිව දැක්වූ කුසලතා හේතුවෙන් මෙන්ඩිස්, අසලංක හා වනියාට උසස් වීම්

ICC ශ්‍රේණිගත කිරීම් හි ජුලි 08 වැනි දිනට සිදු කරන ලද නවතම යාවත්කාලීන කිරීම් අනුව පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 08 වැනි ස්ථානය දක්වා පැමිණෙන්නට ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන්නෙකු වන වනිඳු හසරංග සමත් වුණා.

ඒ ඊයේ දිනයේ දී පල්ලෙකැලේ දී නිමාවට පත් වූ බංග්ලාදේශයට එරෙහිව තුන්වැනි හා අවසන් එක්දින තරගයේ දී ද ලකුණු 35කට කඩුලු 02ක් බිඳ හෙලමින්.

වනිඳු සමස්ත එක්දින තරගාවලිය පුරා ම කඩුලු 09ක් බිඳ හෙලුවා.

ඒ පළමු එක්දින තරගයේ දී කඩුලු 04ක් දෙවැන්නේ දී කඩුලු 03ක් සහ අවසන් එක්දින තරගයේ දී කඩුලු 02ක් ලෙසින්.

එම කඩුලු 09දී ම වනිඳුගෙන් බංග්ලාදේශය ලබාගෙන තිබුණේ ලකුණු 105ක් පමණයි.

වනිඳු නවතම ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන 11ක් ඉදිරියට ඒම ද විශේෂත්වයක්.

එමෙන්ම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි තවදුරටත් පෙරමුණ පසුවන්නේ මහිෂ් තීක්ෂණ යි.

මේ අතර එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංක ද ස්ථාන කිහිපයකින් ම ඉදිරියට පැමිණ තිබෙනවා.

කුසල් මෙන්ඩිස් ලොව හොඳම එක්දින පිතිකරුවන්ගේ මුල් දස දෙනා අතරට පැමිණ ඇති අතර (10 වැනියා) අසලංක ස්ථාන 02ක් ඉදිරියට එමින් සයවැනි තැනට පත් ව තිබෙනවා.

එමෙන්ම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාව 05 වැනි තැන පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
12
+1
0
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?