පෙරගෙවුම් ඩිජිටල් රීලෝඩ් සඳහා නවතම Toyota Raize SUV රථ, රන් කාසි, ස්මාර්ට්ෆෝන් ඇතුළු තවත් තෑගි
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, පෙරගෙවුම් සම්බන්ධතාවයන් සඳහා ඩිජිටල් රීලෝඩ් කරන පාරිභෝගිකයින්ට රුපියල් මිලියන 150කට වැඩි වටිනාකමකින් යුත් මෙගා ත්‍යාග දිනා ගතහැකි, Dialog e-Load Super Blast ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබෙනවා.
ඩයලොග් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; සුපිරි ත්‍යාග ලෙසින් නවතම Toyota Raize SUV රථ තුනක්, දිනපතා රන් කාසි, ස්මාර්ට්ෆෝන් සහ දිනපතාම data දීමනා ඇතුළුව සුවිශේෂී තෑගි රැසක් හිමිකර දෙන මෙම වැඩසටහන, ඩිජිටල් රීලෝඩ් සඳහා පෙර නොවූ විරූ ත්‍යාග හිමිකර දෙන ප්‍රවර්ධන වැඩසටහනක් බවයි.
Dialog e-Load Super Blast වැඩසටහන ඊයේ (07) ඩයලොග් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී නිල වශයෙන් දියත් කෙරුණා.
ඒ, MyDialog App, Dialog.lk, WOW Superapp, banking apps හෝ වෙනත් ඕනෑම ඩිජිටල් payment ක්‍රමයක් හරහා රීලෝඩ් කිරීමෙන් සුවිශේෂී ත්‍යාග දිනා ගන්නා ලෙසට පාරිභෝගිකයින් දිරිමත් කරමින්.
පාරිභෝගිකයන්ගේ සෑම රු.100 ක ඩිජිටල් රිලෝඩ් කිරීමකටම, සුපිරි ත්‍යාගය සඳහා වන දිනුම් ඇදීමට ඇතුළත් වීම සඳහා එක් දිනුම් අවස්ථාවක් හිමි වනවා.
ඒ සමගම, ක්‍ෂණික තෑගි දිනාගත හැකි ඩිජිටල් scratch card එකක් ද ලැබෙනු ඇති.
මෙම වැඩසටහනෙන් ප්‍රවර්ධන කාල සීමාව පුරාම මිලියන 3.6කට වැඩි පාරිභෝගිකයින් පිරිසකට ත්‍යාග හිමිකර දීමට අපේක්ෂිතයි.
සෑම මසකම 600,000කට අධික වාසනාවන්ත ජයග්‍රාහකයින් පිරිසකට, රන් කාසි, ස්මාර්ට්ෆෝන් සහ නොමිලේ data දීමනා සඳහා අවස්ථාව හිමි වනවා.
දිනුම් ඇදීම් තුනකින් සුපිරි ත්‍යාග ලෙසින් නවතම Toyota Raize SUV රථ තුනක් දිනාගත හැකි අතර, සුපිරි ත්‍යාග සඳහා වන දිනුම් ඇදීම් අගෝස්තු, ඔක්තෝබර් සහ දෙසැම්බර් යන මාසවල සිදු කෙරෙනවා.
Dialog e-Load Super Blast, දියත් වන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු සහ ඩිජිටල් Payment Apps සමග අත්වැල් බැඳ ගනිමිනි.
ලංකා බැංකුව (BOC), කාගිල්ස් බැංකුව, කොමර්ෂල් බැංකුව, DFCC බැංකුව, Dialog Finance, ජාතික සංවර්ධන බැංකුව (NDB) සහයෙන් දියත් වන මෙම වැඩසටහනට, පෑන් ඒෂියා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව සහ යුනියන් බැංකුව මෙන්ම CDB, LB ෆිනෑන්ස්, LOLC, හෙළකුරු සහ අනෙකුත් ඩිජිටල් රීලෝඩ් සහකරුවන් ඇතුළුව පුළුල් ජාලයක සහාය හිමිවනවා.
රටේ ප්‍රධාන පෙළේ banking apps සහ ඩිජිටල් digital finance apps හරහා මෙලෙස ඩිජිටල් රීලෝඩ් කිරීමේ හැකියාව සලසා තිබෙනවා.
ඒ අනුව, ඩිජිටල් ගනුදෙනුවලට පිවිසීම වැඩි කරමින්, මුදල් රහිත ආර්ථිකයක් කරා වෙනස් වීමේ සහයෝගිතා දැක්ම මෙමගින් පිළිබිඹු කෙරෙනු ඇති.
ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් පහසු හා ආරක්ෂිත ඩිජිටල් සේවාවන්වලට යොමුවීම දිරිගැන්වීමේ අරමුණෙන් දියත් කෙරෙන e-Load Super Blast ප්‍රවර්ධන වැඩසටහන, ඩයලොග් හි ඩිජිටල් ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ද වනවා.
පාරිභෝගිකයින් සඳහා වටිනා තෑගි ගෙනඑන මෙම ප්‍රවර්ධන වැඩසටහන, ඔවුන්ට ත්‍යාග පිරිනමන තවත් එක් වැඩසටහනක් පමණක් නොවේ.
ඩිජිටල්කරණය හා මුදල් රහිත ගනුදෙනු ඔස්සේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් අභිලාෂ සාක්ෂාත් කිරීම සඳහා මග පාදන මෙම වැඩසටහන, රට පුරා ජනතාව විශාල වශයෙන් ඩිජිටල් තාක්ෂණය සමග සම්බන්ධ කිරිම සඳහා ඔවුන්ගේ ගනුදෙනු රටාවේ ද වෙනසක් ඇති කරන වැඩසටහනක්.
මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා මෙලෙස සඳහන් කළා.
“Dialog e-Load Super Blast හුදෙක් ප්‍රවර්ධන වැඩසටහනකට එහා ගිය දෙයක්. එය අපගේ පාරිභෝගිකයන් ඩිජිටල් තාක්ෂණය කෙරෙහි තබා ඇති විශ්වාසය ඇගයීමක්ද වෙනවා. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ජීවන රටාවන් සහ අත්දැකීම් සඳහා උනන්දු කරන අතරම, පාරිභෝගිකයන්ට අසමසම තෑගි පිරිනැමීමට හැකිවීම අපට සතුටට කාරණයක්” යනුවෙන්.
Dialog e-Load Super Blast ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා https://www.dialog.lk/e-load-super-blast වෙත පාරිභෝගික ඔබට ප්‍රවේශ විය හැකියි.





