මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්නට ඇප හිමි ව තිබෙනවා.
අද (09) පෙරවරුවේ සැකකාරිණිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි මෙලෙස ඇප හිමි වූයේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විනිසුරුවරිය වන තනූජා ලක්මාලි නියෝග කළේ සැකකාර දියණියව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසටයි.
මෙම තැනැත්තිය පසුගියදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනකුට මරණ තර්ජන එල්ල කර තිබෙනවා.
ඉන් අනතුරුව ඇය ව කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර ජූලි 09 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණා.
කෙසේවෙතත් මෙම සැකකාර දියණියට එරෙහිව අල්ලස් කොමිසම විසින් ද ගොනු කරන ලද නඩුව අද දහවල් කැඳවීමට නියමිතයි.





