හරක්කටාට පැන යන්නට උදව් කළ හිටපු කොස්තාපල් වෙනුවෙන් ඇප අයදුම්පතක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති එම නඩුවේ දෙවැනි විත්තිකරු වන රවීන්ද්‍ර සන්දීප ගුණසේකර යන හිටපු පොලිස් කොස්තාපල්වරයා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාලිය සමරසිංහ මහතා කොළඹ මහාධිකරණට ඇප අයැදුම්පතක් යොමු කර තිබෙනවා.

සිය සේවාදායකයා 2023 සැප්තැම්බර් 10 වැනිදා පොලිස් නිලධාරීන් හත්දෙනෙකුට නිද්‍රාජනක ඖෂධ මිශ්‍ර කිරිටොෆි ලබා දී ඇතැයි චෝදනා කළත් ඔහු එවැන්නක් සිදු නොකළ බවත් එම කිරිටොෆි ලබා දී ඇත්තේ රසික කුමාර නමැති පොලිස් නිලධාරීයා බව මේ වන විට අනාවරණය වී ඇති නිසාත් එම කිරි ටොෆි තිත්ත රස වූ බැවින් එම නිලධාරීන් ලවා අනුභව නොකළ නිසාත් මත්වීමක් සිදු ව නොමැති බවට පැමිණිල්ල පෙන්වා දී ඇති බැවින් ඇප අයදුම්පත යොමු කරමින් නීතිඥවරයා පෙන්වා දුන් බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එමෙන්ම රස පරීක්ෂකවරයාගේ වාර්තාව අනුව එම කිරිටොෆිවල meolazojam නමැති ඖෂධය ඉතා සුළු ප්‍රමාණයක් අන්තර්ගතව ඇති බැවින් කිරි ටොෆි ලබාදීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීම යුක්ති සහගත නොවන බව ද එම නීතිඥවරයා පෙන්වා දුන්නා.

දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීම නඩු විභාගයකින් තොරව ලබා දී ඇති බව ද නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන් බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

දඬුවමක් නිසා රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොකළ යුතු බවත් ප්‍රබල නඩුවක් මත ඇප නොදී සිටීමට බාධාවක් නොවන බව ද ඇප අයදුම්පත මගින් අධිකරණයට නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඇප අයදුම්පත ලිඛිතව යොමු කරමින් එකී සුවිශේෂී කරුණු නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

  1. අපරාධ කාරයන්ට ඇප දෙන නීතිඥ වරු නීතිඥ වරු අත්අඩංගුවට ගන්න ක්‍රමයක් ඉතා ඉක්මනින් අවශ්‍යයි. ඇප ලබාගෙන විදෙස් රටවලට ගියාම වගේ කීම් නීතිඥ වරුන් මත් පැවරැවනමි අපරාධ හොයාගන්ත් නැහැ

    • උඹ නම් අමු ගොනෙක්ම තමා. තවම අපරාධකාරයෙක් කියල ඔප්පු වෙලා නෑ සැක කාරයෙක් විතරයි. උඹලගෙ තියෙන කුහක කමටයි වෛරයටයි ගැලපෙන නීති රීති ලෝකෙ කොහේවත් නෑ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18