නව කම්කරු පනත ගෙන එන්නේ සියලු පාර්ශ්වවල එකඟතාව මතයි – නි.ඇමති මහින්ද

නව කම්කරු සංශෝධන පනත් කෙටුම්පත ගෙන එනු ලබන්නේ සියලු පාර්ශ්වයන්වල එකඟතාවෙන් පමණක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

පසුගිය ආණ්ඩුව සකස් කළ පනත යළි ගෙන ඒමට කිසිසේත්ම කටයුතු නොකරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නව පනත සඳහා යෝජනා සකස් කිරීමට විෂයය ප්‍රාමාණිකයින්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

කම්කරු දෙපාර්තමේන්තුවේ පැවැති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමට ඊයේ (03) සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙම සභා රැස්වීමේ දී තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති අතර, එහිදී සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල පාලනය සහ කළමනාකරණය පොදු වේදිකාවක් මතට ගෙන ඒමත් හරහා අරමුදල තවදුරටත් ශක්තිමත් කිරීමත්, සාමාජිකයින්ට ප්‍රතිලාභ ගෙවීම වඩා කාර්යක්ෂම කිරීමත් සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා මෙහිදී ඉදිරිපත්ව තිබෙනවා.

ඊට අමතරව වතු කම්කරුවන්‍, කම්කරු නීතිවලට ඇතුළත් කර ගැනීම, ජාතික අවම වැටුප ගෙවීම මෙතෙක් ආරම්භ නොකළ ආයතන සහ අපනයන වෙළෙඳපොල ශ්‍රමිකයින් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා.

නව රජය බලයට පත්වීමෙන් අනතුරුව කම්කරු උපදේශන සභාව රැස්වූ සිව්වන අවස්ථාව මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27