කැනඩාව චීන නිරීක්ෂණ කැමරා නිෂ්පාදක Hikvision හි මෙහෙයුම් අත්හිටුවීමට නියෝග කරයි

ජාතික ආරක්ෂක හේතූන් මත චීන නිරීක්ෂණ කැමරා නිෂ්පාදක Hikvision වසා දැමීමට කැනේඩියානු රජය නියෝගයක් නිකුත් කළ බව කර්මාන්ත අමාත්‍ය මෙලනි ජොලි පැවසුවා.

“Hikvision Canada Inc හි කැනඩාවේ අඛණ්ඩ මෙහෙයුම් කැනඩාවේ ජාතික ආරක්ෂාවට හානිකර වනු ඇති බව රජය තීරණය කර ඇත,” ජොලි X හි සටහනක් තැබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

උයිගුර් ජනගහනයට එරෙහි අපයෝජන වාර්තාවල පදනම වන චීනයේ Xinjiang කලාපයේ උපකරණ භාවිතා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ද Hikvision සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

Hikvision ප්‍රකාශකයෙකු පැවසුවේ සමාගම මෙම තීරණයට “දැඩි ලෙස” එකඟ නොවන බවත්, එයට “සත්‍ය පදනමක්, ක්‍රියා පටිපාටිමය සාධාරණත්වයක් සහ විනිවිදභාවයක් නොමැති” බවත් තර්ක කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?