”ඉෂාක්ට කෝටියක්” මුවාවෙන් ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකුගේ නම විකුණා සල්ලි ගරලා

රෝගී තත්ත්වයේ පසුවන ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාට මූල්‍යම ආධාර ලබා ගැනීමට යැයි පවසමින් ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකුගේ නම භාවිත කරමින් විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික පුද්ගලයන්ගෙන් වංචා සහගතව මුදල් ලබා ගැනීමට තැත් කළ බව කියන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා මුල්ලේරියාව පොලිසියට නියෝග කර තිබෙනවා.

ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට මුල්ලේරියාව පොලිසිය අද (30) කළ ඉල්ලීමත් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියෝග කළා.

කිසියම් පුද්ගලයකු තමන් අදාළ සුප්‍රසිද්ධ මාධ්‍යවේදියා බව පවසමින් විදෙස් රටක සේවයෙහි නියුතු අයකුට කතා කර රෝගී තත්ත්වයේ පසුවන ප්‍රවීණ ගායන ශිල්පි ඉෂාක් බෙක් මහතාට මූල්‍ය ආධාර එකතු කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති “ඉෂාක්ට කෝටියක්” වැඩසටහන සඳහා මූල්‍ය ආධාර ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් එම විදෙස් ජාතික ශ්‍රී ලාංකිකයකු තමන්ට ඒ බව දැනුම් දී ඇති බව අගතියට පත් පාර්ශ්වය පැමිණිල්ලේ සඳහන් වන බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

මෙම මාධ්‍යවේදියාගේ නම භාවිතා කරමින් කතා කළ සැකකාර පුද්ගලයා මුදල් බැර කිරීම සඳහා එම විදෙස්ගත ශ්‍රී ලාංකිකයාට ගිණුම් අංකයක් පවා ලබා දී ඇති ඇති බව ද පොලිසිය අධිකරණයට දැන්වූවා.

රෝගී තත්ත්වයෙන් පසුවන ඉෂාක් බෙග් මහතාට මූල්‍ය ආධාර එකතු කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති “ඉෂාක්ට කොටියක්” වැඩසටහන සඳහා මූල්‍ය ආධාර ලබාදෙන ලෙසට තමන් කිසිවෙකුට දැනුම් දී නොමැති බවත් එවන් තත්ත්වයක් තුළ තමන්ගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මූල්‍ය ජාවාරමක නිරතව සිටින බව පෙනෙන්නට ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස අගතියට පත් පාර්ශ්වය එම පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04