රිටිගල රක්ෂිතයේ අධි සංවේදී කලාපයට ඇතුළු වූ රිෂිවරයෙක් අල්ලයි

රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතයට අනවසරෙන් ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙක් වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා අවසර පතක් ලබාගෙන රිටිගල පුරාවිද්‍යා නැරඹුම් ප්‍රදේශයට ඇතුළු වී ඇති අතර, පසුව මිනිසුන්ට ඇතුළුවීම තහනමක් කර ඇති දැඩි ස්වභාවික රිටිගල රක්ෂිතයට හොර රහසේ ඇතුළු වී ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් කළ සොයා බැලීමේ දී රිටිගල පිවිසුමේ සිට කිලෝ මීටර් 10ක් පමණ දුර රක්ෂිතයේ අධි සංවේදී කලාපය තුළ සිටිය දී සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී එක් පුද්ගලයෙක් පවසා ඇත්තේ තමන් රිෂිවරයෙක් බවයි.

රිටිගල පිළිබදව ගවේෂයණයක් සඳහා රක්ෂිතයට ඇතුළු වූ බවත් ඔවුන් වනජීවී නිලධාරීන්ට පවසා තිබෙනවා.

වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සිදුකළ සෝදිසි කිරීමේ දී මොවුන් දෙදෙනා සන්තකයේ තිබී හග්ගෙඩියක්, උඩැක්කියක්, පොල්තෙල්, ගිනිපෙට්ටි ඇතුලළු දෑ සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මේ අතර අනෙක් පුද්ගලයා සන්තකයේ තිබූ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී සමාජ මාධ්‍ය තුළ පළ කිරීමේ අරමුණින් රක්ෂිතයේ අධි සංවේදී කලාපය තුළ දී ලබාගත් වීඩියෝපට රැසක් ද හමු වූ බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා කහටගස්දිගිලිය අධිකරණය වෙත ඉදිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
12
+1
85
+1
7
+1
3
+1
3
+1
3
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16