රිටිගල රක්ෂිතයේ අධි සංවේදී කලාපයට ඇතුළු වූ රිෂිවරයෙක් අල්ලයි

රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතයට අනවසරෙන් ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙක් වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා අවසර පතක් ලබාගෙන රිටිගල පුරාවිද්‍යා නැරඹුම් ප්‍රදේශයට ඇතුළු වී ඇති අතර, පසුව මිනිසුන්ට ඇතුළුවීම තහනමක් කර ඇති දැඩි ස්වභාවික රිටිගල රක්ෂිතයට හොර රහසේ ඇතුළු වී ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් කළ සොයා බැලීමේ දී රිටිගල පිවිසුමේ සිට කිලෝ මීටර් 10ක් පමණ දුර රක්ෂිතයේ අධි සංවේදී කලාපය තුළ සිටිය දී සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී එක් පුද්ගලයෙක් පවසා ඇත්තේ තමන් රිෂිවරයෙක් බවයි.

රිටිගල පිළිබදව ගවේෂයණයක් සඳහා රක්ෂිතයට ඇතුළු වූ බවත් ඔවුන් වනජීවී නිලධාරීන්ට පවසා තිබෙනවා.

වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සිදුකළ සෝදිසි කිරීමේ දී මොවුන් දෙදෙනා සන්තකයේ තිබී හග්ගෙඩියක්, උඩැක්කියක්, පොල්තෙල්, ගිනිපෙට්ටි ඇතුලළු දෑ සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මේ අතර අනෙක් පුද්ගලයා සන්තකයේ තිබූ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී සමාජ මාධ්‍ය තුළ පළ කිරීමේ අරමුණින් රක්ෂිතයේ අධි සංවේදී කලාපය තුළ දී ලබාගත් වීඩියෝපට රැසක් ද හමු වූ බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා කහටගස්දිගිලිය අධිකරණය වෙත ඉදිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.

  1. රිටිගල දැඩි රක්ශිතයේ සංවේදී
    කලාප ජීවිතයේ එක් වරක් දැක
    ගන්නට ලැබුනොත් එය පෙර වාසනාවකි.අපේ ජාතික වස්තුවක්
    රැක ගැනීමට කටයුතු කිරීම අප
    කාගේත් වගකීමකි.
    විස්‍රාමික අ.ව.නි රත්නායක .

  2. Me pudgalaua irizi watayeku wenna beha .iniyama irisiwarunta nopenee siteeme hekiyaawa thiyenna. Oona. Mama indiyaweedi oweni kenek samaga waada kala. Perdi pala giya. .meka garu adikaranayata idiripayh karanna thawada mohu ape rate purawesiyekads ,,??? Indiyan ho widesikayekafa yanawaga apaya dena genermata salas wanna. Sththi i

  3. රිටිගල කියන්නේ බුදුරජාණන් වහන්වැසේ වැඩි කාලයක් වැඩසිටි ස්ථානයයි මෙම ස්ථානය අනාගතයේ නැවත වන්දනීය පූජනීය ස්ථානයක් ලෙස රාග ද්වෙශ මොහ දුරුකර බවය මුළුමනින්ම උදුරා දමන බෞද්ධයාට සම්පතකි

  4. මොන සෂිවරුද. එහෙම් එවුන් නැහැ .රහත් කියන්නෙත් බිස්නස් එකක්..එහෙම අය නැහැ .හිටියාලු.ඉන්නවලු මිසක්.ඉන්නවා කියලා ස්ථිරවම කියන්න කාටවත් බැහැ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20