ජාත්‍යන්තර යෝග දිනය සමරන්න ආ මෝදිගෙන් ලෝක සාමය වෙනුවෙන් ප්‍රාර්ථනාවක්

ජාත්‍යන්තර යෝග දිනයේ නිමිත්තෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ යෝග වැඩසටහනක් අද (21) උදෑසන පැවැත්වුණා.

කොළඹ නිදහස් චතුරස්‍රයේ දී මෙම යෝග වැඩසටහන පැවැත් වුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුර ජයසේකර, නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්වි ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

මේ අතර 11 වන ජාත්‍යන්තර යෝග දින සැමරුමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (21) විශාකාපට්නම් හි එක් වුණා.

ජුනි 21 වන දින ලොව පුරා රටවල් කිහිපයක් විසින් සමරනු ලබන ජාත්‍යන්තර යෝග දිනය “එක් පෘථිවියක්, එක් සෞඛ්‍යයක් සඳහා යෝග” යන තේමාව යටතේ මෙවර එය සමරනු ලබනවා.

මේ අතර ජාත්‍යන්තර යෝග දින සැමරුම එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ ගැටුම්වලින් පිරුණු ලෝකයක සාමය සහතික කිරීමට යෝගවලට හැකි බවයි.

එමෙන්ම ජාත්‍යන්තර යෝග දින සමරන අද දිනයේ ගෝලීය සාමයේ ආරම්භය වේවා යනුවෙන් ප්‍රාර්ථනාවක් ද අගමැති මෝදි විසින් සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?