සමන් දේවාලයේ බස්නායක නිලමේ තෝරාගැනීමේ නිලවරණයට දැමූ පෙත්සම ඉල්ලා අස්කර ගනියි

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම අභියාචනාධිකරණය වෙතින් අද (20) ඉල්ලා අස්කර ගත්තා.

මෙම පෙත්සම කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණය විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේයි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් ඉල්ලා සිටියේ මෙම නඩුකරය හේතුවෙන් සමන් දේවාලයේ පෙරහැර කටයුතුවල ප්‍රමාදයක් ඇති වන හෙයින් මහජන සුබසාධනය සැලකිල්ලට ගෙන අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව අදාාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට විනිසුරුවරයා අවසර ලබා දුන්නා.

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා වූ නිලවරණය පැවැත්වීමට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුනේ එම දේවාලයේ තාවකාලික භාරකරු ලෙස පත් කර සිටි එස්.වී. චන්ද්‍රසිංහ මහතා විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?