කෙහෙළිය ගෙන්වූ බාල ඖෂධවල ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා ඇති බවට හෙළිවෙයි

ප්‍රශ්නගත හියුමන් ඉමියු⁣නොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුරත්, පිළිකා නාශක රිටොප්සිමැප් ඖෂධයේ ලුණු වතුරත් පමණක් අඩංගු බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකින් වාර්තා කර ඇතැයි, නීතිපති අධිකරණයට දන්වා තිබෙනවා.

එම සිද්ධියට අදාළ අවසන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඒ බව සඳහන් කළා.

එම රසායනාගාරය වෙත ඖෂධ කුප්පි 200ක් යොමු කළ බවත් ඒවා පරික්ෂා කිරීමෙන් අනතුරුව එම වාර්තාව නිකුත් කළ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නා.

ප්‍රශ්නගත එම ඖෂධ සම්බන්ධයෙන් සිදු කරනු ලැබු පරික්ෂන මේ වන විට සම්පුර්ණයෙන්ම අවසන් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම හෙට (20) දින හෝ එළැඹෙන සඳුදා දින මෙම සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැනුම් දුන්නා.

මෙම නඩුවේ සැකකරුවකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඖෂධ නිෂ්පාදන සමාගමේ හිමිකරු වන දැනට බන්ධනාගාරගතව සිටින සුදත් ජානක ප්‍රනාන්දු හට දුරකථන ඇමතුම් අටක් දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයාට ඇමතුම් 31ක් ලබා දී බව ද විමර්ශනවලින් හෙළි වු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය තම අධිකරණය හමුවේ ඇති නඩුකරය අවසන් කිරිමට නියෝග කළ අතර එකී වාර්තා මහාධිකරණයට ලබා දීමට නියෝග කළා.

ඖෂධ නිෂ්පාදන සමාගමේ හිමිකරු සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක, ­අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර­ගුප්ත, වෛද්‍ය සැප­යුම් ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය හේරත් මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­සිරි රත්න­කු­මාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු අති­රේක ලේකම් සමන් රත්නා­යක, ඖෂධ නියා­මන අධි­කා­රියේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරී විජිත් ගුණ­සේ­කර, හිරාන් ධන­ජංය, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනි සොලමන්ස් යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය යන මෙම නඩුවේ 09 වැනි සැක­කරු ලෙස නම් කර ඇති සැක­කරු මේ වන විට විදෙ­ස්ගත සිටිනවා.

එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදන ද යවා තිබුණ ද මේ දක්වා අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් අත්ඩංගුවට ගන්නවා - උඹලා කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න
09:09
Video thumbnail
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන නලින්දගෙන් සැර කතාවක් - කඩාකප්පල්කාරි වැඩ මේ
04:38
Video thumbnail
රුක්මලේට ගිය නාමල්ට මිනිසුන්ගෙන් ලැබුණු ආදරය - මිනිස්සු නාමල්ව වට කරයි
02:18
Video thumbnail
මේකේ රන් පදක්කම හිමිවෙන්නේ නාමල්ට - අදින්න පුබ්බක නියායෙන් ආණ්ඩුව යන්නේ
07:10
Video thumbnail
වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා - විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25