මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි

මෙරට ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් ජයග්‍රහණය කළ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල දිනා ගැනීමට කිරීමට ඊයේ (16) රාත්‍රියේ සමත් වුණා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ‘මෙගා පවර්’ ලොතරැයියේ 2210 වන දිනුම් වාරය වෙනුවෙන් හිමිව තිබූ සුපිරි ත්‍යාගය වන හතළිස් හත් කෝටි හතළිස් පන්දහස් අනූනවදහස් හාරසීය විසි දෙකක් ( 474,599,422) මෙලෙස ජයග්‍රහණය කරනු ලැබුවා.

මෙම ජයග්‍රාහී ලොතරැයි පත ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොකරැල්ල ප්‍රදේශයේ අලෙවි නියෝජිතවරිය වන එච්.ඒ.ජානකී හේමමාලා විසින් අලෙවි කර තිබෙනවා.

මෙරට ලොතරැයි ඉතිහාසයේ මීට පෙර ජයග්‍රහණය කර තිබූ දැවැන්තම ත්‍යාග මුදල වූයේ කෝටි 23ක මුදලක්.

එම ත්‍යාග මුදල ද හිමිකර දුන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියෙන් ම වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
43
+1
3
+1
71
+1
9
+1
7
+1
7
+1
5
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?