සැමියාගේ වෙඩි පහරින් බිරිඳ මරුට

මැදගම පොලිස් වසමේ බලගස්ආර මාර්ගය ආසන්නයේ දී ඊයේ (14) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලබූ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38ක මකැන්දවින්න, මැදගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

කාන්තාව සහ ඇයගේ ස්වාමි පුරුෂයා අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුරුෂයා විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෘත ශරීරය මැදගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා මැදගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43