RCB සැමරුම අතරතුර සිදු වූ ඛේදවාචකයට ඇල්ලූ නිඛිල් සොසාලේට ඇප

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලුරූ කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන නිඛිල් සොසාලේට ඇප ලබා දී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගියදා RCB කණ්ඩායම කුළුඳුල් ඉන්දීය ප්‍රීමියර් ලීග් ශූරතා ජය ගැනීමෙන් පසු චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී විශාල සැමරුම් උත්සවයක් සූදානම් කර තිබූ අතර, සිය ක්‍රීඩා වීරයින් දැක බලා ගැනීමට පැමිණි ප්‍රේක්ෂකයින් 11 දෙනෙකු තෙරපීමෙන් ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධියට එරෙහිව RCB කණ්ඩායමේ කළමනාකාර මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු මෙලෙස අත් අඩංගුවට ගත් බවයි.

කෙසේවෙතත් අද (13) ඔහුට කර්ණාටක මහාධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා.

එමෙන්ම අධිකරණය විසින් සිය භාරයට ගැනුණු විදෙස් ගමන් බලපත්‍ර ද යළි භාර දී ඇති බවත් වාර්තා වනවා.

නඩු විභාගයේදී, සොසාලේගේ නීතිඥයින් තර්ක කළේ “තෙරපීම සඳහා පෙත්සම්කරුවන් වගකිව යුතු බව පෙන්වා දීමට කිසිදු පරීක්ෂණයක් සිදු නොකර හෝ කිසිදු සාක්ෂියක් පදනම් කරනොගෙන මහ ඇමතිගේ කීම වෙනුවෙන් සිය සේවාදායකයාව අත් අඩංගුවට ගැනීම කිසිසේස්ත් නීත්‍යනුකූල නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?