ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු ඇරේ – පහත්බිම්වල ජනතාවට රතු එළියක්

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (11) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීම හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් කොත්මල ඔය දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවරුන් ඉල්ලා සිටි බවයි.

පවතින වර්ෂාවත් සමග සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇළිවල ද ගලා හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අධික සුළං සමග තද වැසි ඇදහැලෙමින් තිබෙනවා.

අධික සුළඟ සහ වර්ෂාව හේතුවෙන් හැටන් – රුවන්පුර, විග්ටන් මාර්ගයට විශාල ඇකේෂියා ගසක් ද කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද අලුයම සිට පෙරවරු ව තෙක් ඇනහිටි බවත් වාර්තාකරු පැවසුවා.

ගස කඩා වැටීමත් සමග මාර්ගයේ දෙපස ඇද තිබූ අධි බලැති විදුලි රැහැන් පද්ධතියට ද හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?