25 හැවිරිදි පෙම්වතා 33 හැවිරිදි විවාහක පෙම්වතියට 17 වතාවක් පිහියෙන් ඇනලා

බැංගලෝරයේ හෝටල් කාමරයක් තුළ දී කාන්තාවක්, ඇගේ පෙම්වතා යැයි කියනු ලබන තරුණයෙකු විසින් පිහියකින් ඇන ඝාතනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සිකුරාදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, එය අනාවරණය වී ඇත්තේ දින දෙකකට පසුව බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

හරිනි නැමැති 33 හැවිරිදි විවාහක කාන්තාවක් මෙලෙස ඝාතනය ලක්ව ඇති අතර, ඝාතනය සිදුකර ඇත්තේ ය සමඟ සම්බන්ධයක් පවතවාගෙන ගිය කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කළ 25 හැවිරිදි යෂාස් නැමැති තරුණයෙක්.

මොවුන් දෙදෙනාම බැංගලෝර් හි බටහිර තදාසන්න ප්‍රදේශයක් වන කෙන්ගරි හි පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

දරුවන් දෙදෙනෙකුගේ මවක් වන හරිනිගේ ජීවිතයේ දෙදෙනා අතර ඇති සම්බන්ධය ගැටලුවක් ඇති කරමින් තිබු බවයි හෙළිව ඇත්තේ.

මේ හේතුවෙන් දෙදෙනා අතර පවතවාගෙන ගිය සම්බන්ධය අවසන් කිරීමට හරිනිට අවශ්‍යව තිබී ඇති අතර, ඔහුගෙන් ඈත්වීමට උත්සාහ ගෙන ඇති බව සිදුකළ විමර්ශන වලදී හෙළි වී තිබෙනවා.

මීට කෝපයට පත් පෙම්වතා විසින් ඇය සමඟ ගැටුමක් ඇතිකරගෙන මෙලෙස පිහියකින් ඇන ඝාතනය කර ඇති බවයි වාර්තා වුණේ.

කෝපයට පත් පෙම්වතා හරිනිට 17 වතාවක් පිහියෙන් ඇන ඇති බවයි විමර්ශන සිදුකරන බැංගලෝර් පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13