කාගම සිරිනන්ද හිමිගේ පන්සලේ අභිනව ධාතු මන්දිරය හොරු කඩලා – මැණික් සහ මුදල් සොරාගෙන (ඡායාරූප)

විචිත්‍ර ධර්ම කථීක කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ඉදිකළ ගල්කිරියාගම, පහමිණියාගම සමාධි මහා විහාරස්ථානයේ අහිනව ධාතු මන්දිරය බිඳ තැන්පත් කර තිබූ කරඩුවේ මැණික් ගල් රැසක් සහ මුදල් සොරැගෙන ගොස් තිබෙනවා.

ඊයේ (07) රාත්‍රී කාලයේ මෙම සොරකම සිදුව ඇති බවයි විමර්ශන සිදුකරන ගල්කිරියාගම පොලිසිය සඳහන් කළේ.

සොරකම සඳහා පැමිණි කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙක් ධාතු මන්දිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුළු වී ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එහිදී සොරුන් විසින් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬූන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස බිඳ එහි තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණික් ගල් 19ක් සොරාගෙන ගොස් තිබෙනවා.

ඊට අමතරව ධාතු මන්දිරය තුළ වූ පිං පෙට්ටිය ද සොරුන් විසින් කඩා එහි තිබූ මුදල් ද සොරා ගෙන ගොස් ඇති බව සඳහන්.

මෙම අභීනව තෙමහල් ධාතු මන්දිරය ඉකුත් මැයි මස 30 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නයේ මෙන්ම විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණා.

WhatsApp Image 2025 06 08 at 1.14.13 PM
WhatsApp Image 2025 06 08 at 1.14.11 PM 1
WhatsApp Image 2025 06 08 at 1.14.11 PM
WhatsApp Image 2025 06 08 at 1.14.10 PM 1
WhatsApp Image 2025 06 08 at 1.14.10 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
65
+1
54
+1
11
+1
424
+1
26
+1
23
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32