රජයේ රෝහලෙන් කුසේ සිටි බිළිඳා මියගිය බව කීවත් පෞද්ගලික රෝහලේ දී ප්‍රසූත කරලා

දරු ප්‍රසුතියක් සඳහා රජයේ රෝහලකට ඇතුළත් කළ ගැබිණි කතකගේ කුසේ සිටි දරුවා මිය ගිය බවට හෙදියන් ප්‍රකාශ කළ නමුත් පසුව ඇය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී පිරිමි දරුවෙකු ප්‍රසූත කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මනීෂා දේවි නැමැති එම කන්තාවගේ සැමියා කියා සිටියේ පසුගිය බදාදා ඇය චල්කුෂා බ්ලොක් සිට කිලෝමීටර් 120ක් පමණ දුරින් පිහිටි හසාරිබාග් ප්‍රදේශයේ ෂෙයික් භිකාරි රජයේ රෝහලට දරු ප්‍රසූතිය වෙනුවෙන් ඇතුළත් කළ බවයි.

කෙසේ වෙතත් ඇයව රෝහල් ගත කිරීමෙන් අනතුරුව පරීක්ෂා කිරීමෙන් පසු එහි හෙදියන් පවසා ඇත්තේ ඇගේ හිමොග්ලොබින් මට්ටම අඩු බවත් ඒ හේතුවෙන් කුසයේ සිටින දරුවා දැනටමත් මිය ගොස් ඇති බවයි.

නමුත් ඇය මනීෂා ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කිරීමට සැමියා කටයුතු කර ඇති අතර එහිදී ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ෂෙයික් භිකාරි රජයේ රෝහලේ අධිකාරීවරයාට සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස හසාරිබාග් නියෝජ්‍ය සෞඛ්‍ය කොමසාරිස්වරයා නියෝග කර තිබෙනවා.

මේ අතර පෞද්ගලික රෝහල පවත්වාගෙන වෛද්‍ය ප්‍රවීන් කුමාර් පැවසුවේ මව වෛද්‍ය මධ්‍යස්ථානයේ දී පරීක්ෂණ මාලාවකට භාජනය වීමෙන් පසුව දරුවා ප්‍රසූත කළ බවත්, එහි වාර්තා සතුටුදායක බවත්, මව සහ දරුවා ආරක්ෂිතව සුවෙන් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
4
+1
5
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?