රජයේ රෝහලෙන් කුසේ සිටි බිළිඳා මියගිය බව කීවත් පෞද්ගලික රෝහලේ දී ප්‍රසූත කරලා

දරු ප්‍රසුතියක් සඳහා රජයේ රෝහලකට ඇතුළත් කළ ගැබිණි කතකගේ කුසේ සිටි දරුවා මිය ගිය බවට හෙදියන් ප්‍රකාශ කළ නමුත් පසුව ඇය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී පිරිමි දරුවෙකු ප්‍රසූත කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මනීෂා දේවි නැමැති එම කන්තාවගේ සැමියා කියා සිටියේ පසුගිය බදාදා ඇය චල්කුෂා බ්ලොක් සිට කිලෝමීටර් 120ක් පමණ දුරින් පිහිටි හසාරිබාග් ප්‍රදේශයේ ෂෙයික් භිකාරි රජයේ රෝහලට දරු ප්‍රසූතිය වෙනුවෙන් ඇතුළත් කළ බවයි.

කෙසේ වෙතත් ඇයව රෝහල් ගත කිරීමෙන් අනතුරුව පරීක්ෂා කිරීමෙන් පසු එහි හෙදියන් පවසා ඇත්තේ ඇගේ හිමොග්ලොබින් මට්ටම අඩු බවත් ඒ හේතුවෙන් කුසයේ සිටින දරුවා දැනටමත් මිය ගොස් ඇති බවයි.

නමුත් ඇය මනීෂා ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කිරීමට සැමියා කටයුතු කර ඇති අතර එහිදී ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ෂෙයික් භිකාරි රජයේ රෝහලේ අධිකාරීවරයාට සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස හසාරිබාග් නියෝජ්‍ය සෞඛ්‍ය කොමසාරිස්වරයා නියෝග කර තිබෙනවා.

මේ අතර පෞද්ගලික රෝහල පවත්වාගෙන වෛද්‍ය ප්‍රවීන් කුමාර් පැවසුවේ මව වෛද්‍ය මධ්‍යස්ථානයේ දී පරීක්ෂණ මාලාවකට භාජනය වීමෙන් පසුව දරුවා ප්‍රසූත කළ බවත්, එහි වාර්තා සතුටුදායක බවත්, මව සහ දරුවා ආරක්ෂිතව සුවෙන් සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25
Video thumbnail
රෝහිණි කළ අසත්‍ය ප්‍රකාශය හැන්සාඩ් එකෙන් අයින් කරයි
00:40
Video thumbnail
සජබයේ ආණ්ඩුවක් යටතේ මේ හොරුන්ට අපි දඬුවම් දෙනවා
06:31
Video thumbnail
ලක්මාලිට රතු කට්ට පනී - ඔයාලා මොකටද අප්පා මේ පාර්ලිමේන්තුවට එන්නේ
07:10
Video thumbnail
විපක්ෂයේ කට්ටියට දැන් හිත රිදෙනවා ඇති - හිටපු ඇමති කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන ලු
04:57
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන ආනන්දගෙන් ප්‍රබල හෙළිදරව්වක් - සයිබර් අපරාධයක් කියලා වාර්තා වුණා
08:34
Video thumbnail
අකිල විරාජ් අධිකරණයට රැගෙන ගිය අයුරු - වතුරත් බිබී හිනාවේවී යන හැටි
01:48
Video thumbnail
රෝහිණි - කොට්ටහච්චි පැටලෙයි.. ආණ්ඩුවේ නැට්ටක් කියලා ඔයා කොහොමද කියන්නේ..?
11:11
Video thumbnail
කෙඳිරි ගාන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න
10:43
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57