වර්ෂ 1989 දී සති ගණනක සිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් චීනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් විසින් මෙහෙයවන ලද විරෝධතා මාලාව ඉතාමත් අමානුෂික අන්දමින් මර්දනය කළ දිනය ජුනි මස 3-4 යන දෙදින ලෙස ඉතිහාසයේ ලියැවී තිබෙනවා.
නමුත් මෙවර චීන මාධ්‍ය වාර්තා කරන්නේ එම මර්දනයන් සිදු වූ ටියනන්මෙන් චතුරශ්‍රය අවට දැඩි ආරක්ෂාවක් තර කර තිබුණ ද කිසිදු සැමරුමක් සංවිධානය කර තිබුණේ නැහැ.
චීන රජය පවසන්නේ ජුනි 03 හා 04 යනු සතියේ සෙසු දිනයන් මෙන් සාමාන්‍ය වූ දිනයන් බවත් විශේෂ සැමරීමක් සිදු කිරීම අනවශ්‍ය බවයි.
මෙම නිහඬතාව වත්මන් චීන රජය ඉතිහාසය යටපත් කිරීමේ හැකියාවක් පෙන්නුම් කරවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බොහෝ චීන ජාතිකයින්ට, චීනයේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා අවසන් කළ මර්දනයක 36 වන සංවත්සරය සතියේ සාමාන්‍ය වූ දිනයක් ලෙස ගෙවී යාම දැකීම කොමියුනිස්ට් පාලක රජයේ අවශ්‍යතාවක් බව ද මාධ්‍ය වාර්තා පෙන්වාදෙනවා.
1989 දී සති ගණනක් ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද විරෝධතා මර්දනයට එවකට නායක ඩෙන් ෂියාඕපින් යටතේ, ජුනි 3-4 රාත්‍රියේ විරෝධතාව අවසන් කිරීම සඳහා හමුදාව යොමු කෙරුණු අතර එහිදී දහස් ගණනක් සිසුන් සහ සොල්දාදුවන් උණ්ඩයට බිලි වී මියැදුණා.














