චීනය සමඟ සාමකාමී සංවාදයකට අවස්ථාව ඉල්ලා සිටින දලයි ලාමා හිමියන්, අවිහිංසාව සහ යුක්තිය සඳහා ටිබෙටයේ කැපවීම නැවත තහවුරු කර තිබෙනවා.
මධ්‍යම ටිබෙට් පරිපාලනය වාර්තා කළේ, ටෝකියෝ හිදී පැවැත්වෙන ටිබෙටය පිළිබඳ 9 වැනි ලෝක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුවේ ආරම්භක සැසියට උන්වහන්සේ යොමු කළ පණිවුඩයේ මේ බව සඳහන්.
මාධ්‍ය වාර්තාවට අනුව, ශුද්ධෝත්තම දලයි ලාමාතුමා සිය පණිවිඩයේ දී බොහෝ රටවලින් පැමිණි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුබ පැතුම් එක් කරමින්, “මහජන නියෝජිතයින්ගේ සහයෝගය මම විශේෂයෙන් අගය කරන දෙයක් වන අතර එය ටිබෙට් ජාතිකයන් වන අපට අතිශයින් වැදගත් වේ,” යැයි පවසා තිබෙනවා.
“ඉතිහාසය පෙන්වා දෙන්නේ ප්‍රචණ්ඩත්වය තවත් ප්‍රචණ්ඩත්වයක් ඇති කරන බවයි. එබැවින් සංහිඳියාව සහ අවබෝධය පිළිබඳ අර්ථයෙන් සංවාදය හරහා ගැටළු සහ ආරවුල් විසඳීමට අප සාමූහික උත්සාහයන් ගත යුතුය.
ටිබෙට් ජනතාවට නිදහස සහ ගෞරවය ලබා ගැනීම සඳහා සාමකාමී, අවිහිංසාවාදී මාර්ගයක් සහිත අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සෙවීමට අපි කැපවී සිටිමු,” CTA වාර්තාවේ සඳහන් වුණා.
චීන ජනතාව අතර බුද්ධාගම වඩ වඩාත් ජනප්‍රිය වෙමින් පවතින ආකාරය ද පණිවිඩය අවධාරණය කර තිබෙනවා.





