දලයි ලාමාගේ ඉල්ලීම

චීනය සමඟ සාමකාමී සංවාදයකට අවස්ථාව ඉල්ලා සිටින දලයි ලාමා හිමියන්, අවිහිංසාව සහ යුක්තිය සඳහා ටිබෙටයේ කැපවීම නැවත තහවුරු කර තිබෙනවා.

මධ්‍යම ටිබෙට් පරිපාලනය වාර්තා කළේ, ටෝකියෝ හිදී පැවැත්වෙන ටිබෙටය පිළිබඳ 9 වැනි ලෝක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුවේ ආරම්භක සැසියට උන්වහන්සේ යොමු කළ පණිවුඩයේ මේ බව සඳහන්.

මාධ්‍ය වාර්තාවට අනුව, ශුද්ධෝත්තම දලයි ලාමාතුමා සිය පණිවිඩයේ දී බොහෝ රටවලින් පැමිණි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුබ පැතුම් එක් කරමින්, “මහජන නියෝජිතයින්ගේ සහයෝගය මම විශේෂයෙන් අගය කරන දෙයක් වන අතර එය ටිබෙට් ජාතිකයන් වන අපට අතිශයින් වැදගත් වේ,” යැයි පවසා තිබෙනවා.

“ඉතිහාසය පෙන්වා දෙන්නේ ප්‍රචණ්ඩත්වය තවත් ප්‍රචණ්ඩත්වයක් ඇති කරන බවයි. එබැවින් සංහිඳියාව සහ අවබෝධය පිළිබඳ අර්ථයෙන් සංවාදය හරහා ගැටළු සහ ආරවුල් විසඳීමට අප සාමූහික උත්සාහයන් ගත යුතුය.

ටිබෙට් ජනතාවට නිදහස සහ ගෞරවය ලබා ගැනීම සඳහා සාමකාමී, අවිහිංසාවාදී මාර්ගයක් සහිත අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සෙවීමට අපි කැපවී සිටිමු,” CTA වාර්තාවේ සඳහන් වුණා.

චීන ජනතාව අතර බුද්ධාගම වඩ වඩාත් ජනප්‍රිය වෙමින් පවතින ආකාරය ද පණිවිඩය අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33