දින කිහිපයකට පෙර ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ සිරුරක් කලවානේ නිවසක – දියණිය අතුරුදන් (ඡායාරූප)

දින කිහිපයකට පෙර අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් නිවසක් තුළ තිබිය දී අද (31) සොයාගත් බව කලවාන පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නාවලකන්ද, හෙට්ටිකන්දවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි දෙදරු පියෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා විවාහ වී සිටි කාන්තාව රැකියාවක් සඳහා විදෙස් ගතව ඇති අතර, බාල දියණිය විවාහ වී වෙන්ව ජීවත් වන බවත් මොහු 19 හැවිරිදි දියණිය සමඟ නිවසේ ජීවිත්ව ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මේ අතර 19 හැවරිදි දියණිය මේ වන විට නිවසින් අතුරුදන් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඇය පෞද්ගලික හෙද පුහුණු ආයතනයක හෙද නිලධාරියක් වීම සඳහා පුහුණු වෙමින් සිට ඇති අතර, ඇය විවාහ වීමට සිටින තරුණයා ඇයගේ දුරකතනයෙන් දින දෙකක පමණ සිට ප්‍රතිචාරයක් නොමැති බැවින් ඇය සොයා නිවසට පැමිණ තිබෙනවා.

එහිදී නිවස තුළින් දැඩි දුර්ගන්ධයක් වහනයවීම හේතුවෙන් ඒ පිළිබඳව එම තරුණයා අවට ප්‍රදේශවාසීන්ට පවසා ඇති බවයි සඳහන්.

පසුව මේ පිළිබඳව පොලිසිය ද දැනුවත් කර ඇති අතර, පොලිසිය පැමිණ සිදුකළ සෝදිසි කිරීමේ දී මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයාගැනීමට හැකිව තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා නිදා සිටි අවස්ථාවක තියුණු ආයුධයකින් ගෙළ ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයක් දක්නට ඇති බවයි.

ඒ, අනුව මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවත්වීමට නියමිත අතර, නිවසින් අතුරුදන් වූ දියණිය සොයා කලවාන පොලිසිය විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09