දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන් – බදාදා විසඳුම් නොලැබුනොත් බ්‍රහස්පතින්දා සිට අඛණ්ඩ වර්ජනයක්

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර තිබූ සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබෙනවා.

මේ අනුව සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු අද (18) දිනයේ සිට සිදුවන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙරේදා මධ්‍යම රාත්‍රියේ පැය 24ක මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කරනු ලැබුවා.

මේ හේතුවෙන් ඊයේ (17) දිනය තුළ දුම්රිය ගමන් රැසක් අවලංගු කිරීමටයි සිදු වුණේ.

කෙසේ වෙතත් කෙටි දුම්රිය ගමන් කිහිපයක් ඊයේ දිනය පුරා ක්‍රියාත්මක කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ සිය ඉල්ලීම් සඳහා ලබන බදාදා වනවිට විසඳුම් ලබා නොදුනහොත් බ්‍රහස්පතින්දා දිනයේ දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?