ඉඩම් ආරවුලක් මරණයකින් කෙලවර වෙයි

තලාතුඔය පොලිස් වසමේ අංකෙලිපිටිය හන්දිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (17) උදෑසන කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් ගලකින් හිස ප්‍රදේශයට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 75 ක් වූ තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

අපරාධය සිදුකළ වයස අවුරුදු 42ක සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තලාතුඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?