මෝටර් රියක් සහ වෑන් රියක් ගැටී මාරක අනතුරක් – සිව්දෙනෙකු රෝහලට

මෝටර් රථයක් සහ වෑන් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ මත්තල ගුවන් තොටුපොළ මාර්ගයේ උඩමත්තල ප්‍රදේශයේදියි.

අනතුරින් පසුව මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් තිබෙනවා.

තුවාලකරුවන් හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍යය නොවන බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?