මල්ලීගේ උදලු පහරින් අයියා ජීවිතක්ෂයට

සහෝදරයන් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලක දී උදැල්ලකින් සිදුකළ පහරදීමකින් එක් අයෙක් මියගොස් තිබෙනවා.

බාල සහෝදරයා විසින් සිදුකළ මෙම පහරදීමෙන් වැඩිමල් සහෝදරයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනාම එකම නිවසේ පදිංචිව සිට ඇති අතර, පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ලිදුල පොලිස් වසමට අයත් ලිදුල කූමුඩ් වතුයායේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙක්.

අපරාධය සිදුකළ සැකකරු ලිදුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38