07 වසරකට පසුව පැවැත්වූ පුංචි ඡන්දයේ වැඩි වාසි මාලිමාවට – සෙසු පක්ෂවලින් තීරණාත්මක බලපෑමකුත්

වසර 07කට පසුව පැවැත්වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ අද (07) පස්වරු 01 පමණ වන විට සියලු ප්‍රතිඵල නිකුත් කර අවසන් වුණා.

එහිදී වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේගය බහුතර මනාප සංඛ්‍යාවක් දිනාගනිමින් මැතිවරණයේ වැඩි වාසියක් අත්පත් කරගැනීමටයි සමත් වූයේ.

මෙරට පිහිටි පළාත් පාලන ආයතන 339න් 261ක ජය මාලිමාව ප්‍රමුඛ දේශපාලන පක්ෂය විසින් දිනා ගනු ලැබුවා.

නමුත් ඔවුන්ට පළාත් පාලන ආයතනවල සම්පූර්ණ බලාධිකාරිය පතුරවන්නට හැකි වූයේ 164ක පමණයි.

ඉන් අනතුරුව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ සර්වජන බලය වැනි සෙසු පක්ෂ ද සැලකිය යුතු සභික ධුර සංඛ්‍යාවක් මෙවර පුංචි ඡන්දයේ දී ගම් මට්ටමින් ලබා ගැනීමට සමත් වුණා.

ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 339න් ම ඡන්ද 4,503,930ක් ලබා ගැනීමට සමත් වූයේ සභික ධුර 3926ක් දිනා ගනිමින්.

සමගි ජන බලවේගයට 2,258,480 ඡන්ද ප්‍රමාණයක් හිමිවූයේ ආසන 1767ක් දිනාදෙමින්.

පොහොට්ටුවට ඡන්ද 954,517ක් හිමි වූයේ සභික ධුර 742ක් ලබාදෙමින්.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 488,406ක් දිනා ගැනීමට සමත් වුණා.

සභික ධුර 381ක් දිවයිනෙන් ම අලියා ලකුණට හිමිවුණා.

පුටුව ලකුණින් තරග කළ එක්සත් පොදුජන පෙරමුණට ඡන්ද 387,098ක් හිමිවූ අතර සභික ධුර 300ක් ද දිනා ගැනීමට අවස්ථාව හිමිවුණා.

කෙසේවෙතත් ස්වාධීන කණ්ඩායම් ඇතුළු සෙසු පක්ෂ සියල්ලම එකතු වූ ඡන්ද 1,818,379ක් ලබාගෙන ඇත්තේ ඔවුන් වෙත සභික ධුර 1676ක සැලකිය යුතු ප්‍රමාණයක් හිමිකරගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?