07 වසරකට පසුව පැවැත්වූ පුංචි ඡන්දයේ වැඩි වාසි මාලිමාවට – සෙසු පක්ෂවලින් තීරණාත්මක බලපෑමකුත්

වසර 07කට පසුව පැවැත්වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ අද (07) පස්වරු 01 පමණ වන විට සියලු ප්‍රතිඵල නිකුත් කර අවසන් වුණා.

එහිදී වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේගය බහුතර මනාප සංඛ්‍යාවක් දිනාගනිමින් මැතිවරණයේ වැඩි වාසියක් අත්පත් කරගැනීමටයි සමත් වූයේ.

මෙරට පිහිටි පළාත් පාලන ආයතන 339න් 261ක ජය මාලිමාව ප්‍රමුඛ දේශපාලන පක්ෂය විසින් දිනා ගනු ලැබුවා.

නමුත් ඔවුන්ට පළාත් පාලන ආයතනවල සම්පූර්ණ බලාධිකාරිය පතුරවන්නට හැකි වූයේ 164ක පමණයි.

ඉන් අනතුරුව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ සර්වජන බලය වැනි සෙසු පක්ෂ ද සැලකිය යුතු සභික ධුර සංඛ්‍යාවක් මෙවර පුංචි ඡන්දයේ දී ගම් මට්ටමින් ලබා ගැනීමට සමත් වුණා.

ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 339න් ම ඡන්ද 4,503,930ක් ලබා ගැනීමට සමත් වූයේ සභික ධුර 3926ක් දිනා ගනිමින්.

සමගි ජන බලවේගයට 2,258,480 ඡන්ද ප්‍රමාණයක් හිමිවූයේ ආසන 1767ක් දිනාදෙමින්.

පොහොට්ටුවට ඡන්ද 954,517ක් හිමි වූයේ සභික ධුර 742ක් ලබාදෙමින්.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 488,406ක් දිනා ගැනීමට සමත් වුණා.

සභික ධුර 381ක් දිවයිනෙන් ම අලියා ලකුණට හිමිවුණා.

පුටුව ලකුණින් තරග කළ එක්සත් පොදුජන පෙරමුණට ඡන්ද 387,098ක් හිමිවූ අතර සභික ධුර 300ක් ද දිනා ගැනීමට අවස්ථාව හිමිවුණා.

කෙසේවෙතත් ස්වාධීන කණ්ඩායම් ඇතුළු සෙසු පක්ෂ සියල්ලම එකතු වූ ඡන්ද 1,818,379ක් ලබාගෙන ඇත්තේ ඔවුන් වෙත සභික ධුර 1676ක සැලකිය යුතු ප්‍රමාණයක් හිමිකරගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14