පුතාගේ යකඩ පොලු පහරින් තාත්තා අවසන් ගමන් ගිහින්

පුත්‍රයා විසින් යකඩ පොල්ලකින් පහර දී පියාව ඝාතනය කළ පුවතක් මකුළුගස්වැව පොලිස් වසමෙන් වාර්තා වනවා.

ඊයේ (05) රාත්‍රියේ දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 04 කණුව, දේවහූව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.

ඝාතනය සිදුකළ බව කියන සැකකාර 32 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය පුද්ගලයාගේ නැගණිය,

“මේ තාත්තා, පුතා අතර මේ ආරවුල් කාලයක පටන් තියෙනවා. පොලිසි ගිය අවස්ථාත් තියෙනවා. ඊයේ රෑත් සිදුවීමක් වෙලා තියෙනවා අපි දන්නේ නෑ. උදේ මන් අපේ වතුර ටැංකිය ළඟ වලං හෝද හෝද හිටියා. එතනට මියගිය කෙනාගේ පුතයි බිරිඳයි ආවා. ඇවිත් ඒ පුතා කිව්වා නැන්දේ මට හිරේ යන්න වෙනවා කියලා. මම කිව්වා හිරේ යන්න ඔයා හොරකන් කරලා නෑනේ කියලා. ඊට පස්සේ තමයි ඒ පුතා කිව්වේ ඊයේ රෑ තාත්තට ගහනකොට මැරුණා කියලා.ඒ අය මගෙන් ඉල්ලීමක් කලා වැටිලා මැරුණා කියලා කියමු කියලා.එම සිදුවීම දරාගත නොහැකිව මම අඬනකොට තමයි අනෙක් අය දැනගත්තේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23