කොන්ක්‍රීට් මිශ්‍ර රථ දෙකක් අනතුරට ලක්ව දෙදෙනෙකුට බරපතළයි (ඡායාරූප)

කොන්ක්‍රීට් මිශ්‍රකරන ටැංකි සහිත ලොරි රථ දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ හෙරෝවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලබා ඇත්තේ එක් ලොරි රථයක රියදුරෙක් සහ අනෙක් ලොරි රථයේ රිය සහායක බවයි වාර්තා වුණේ.

හෙරෝවත්ත වතුයායේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු සඳහා ගමන් කරමින් සිටිය දී මෙම කොන්ක්‍රීට් මිශ්‍ර වාහන දෙක අද (22) දහවල් අනතුරට ලක්ව තිබෙනවා.

ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථය එම වතුයායට පිවිසෙන මාර්ගයට ඇතුල් කිරීමත් සමඟ එම රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඊට පහළින් පිහිටි ප්‍රධාන මාර්ගයේ තිබූ අනෙක් කොන්ක්‍රීට් මිශ්‍ර ටැංකි සහිත ලොරි රථය මතට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි රියදුරා සහ රිය සහායකයා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුරින් රථ දෙකටම බරපතළ අලාභ හානි සිදුව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?