කොන්ක්‍රීට් මිශ්‍ර රථ දෙකක් අනතුරට ලක්ව දෙදෙනෙකුට බරපතළයි (ඡායාරූප)

කොන්ක්‍රීට් මිශ්‍රකරන ටැංකි සහිත ලොරි රථ දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ හෙරෝවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලබා ඇත්තේ එක් ලොරි රථයක රියදුරෙක් සහ අනෙක් ලොරි රථයේ රිය සහායක බවයි වාර්තා වුණේ.

හෙරෝවත්ත වතුයායේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු සඳහා ගමන් කරමින් සිටිය දී මෙම කොන්ක්‍රීට් මිශ්‍ර වාහන දෙක අද (22) දහවල් අනතුරට ලක්ව තිබෙනවා.

ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථය එම වතුයායට පිවිසෙන මාර්ගයට ඇතුල් කිරීමත් සමඟ එම රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඊට පහළින් පිහිටි ප්‍රධාන මාර්ගයේ තිබූ අනෙක් කොන්ක්‍රීට් මිශ්‍ර ටැංකි සහිත ලොරි රථය මතට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි රියදුරා සහ රිය සහායකයා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුරින් රථ දෙකටම බරපතළ අලාභ හානි සිදුව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54