අනියම් ඇසුරක් පැවැත් වූ විවාහක කතගේ ගෙදර රැය පහන් කළ කොස්තාපල් ඥාතීන්ට මාට්ටු

විවාහක කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ පොලිස් නිලධාරියෙක් අදාළ කාන්තාවගේ ඥාතීන් විසින් අල්ලාගෙන පොලිසියට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ මුද්‍රණාලයේ පොලිස් මුරපොළ විශේෂ රාජකාරීයේ කටයුතු කරනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක්.

මෙම කොස්තාපල්වරයා පසුගිය 20 වනදා රාජකාරි අවසන්ව ඔහු සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ මොරටුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි විවාහක කාන්තාවගේ නිවසට ගොස් තිබෙනවා.

පසුව ඔහු එදින ඇයගේ නිවසේ රැය පහන්කර ඊට පසුදින (21) නිවසෙන් පිටව යන අවස්ථාවේ කාන්තාවගේ ඥාතීන් විසින් ඔහුව අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔහුව පොලිස් නිලධාරීන් වෙත භාරදීමට අදාළ ඥාතීන් කටයුතු කර ඇති අතර, එහිදී අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
19
+1
121
+1
11
+1
23
+1
17
+1
23
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?