කටුනායක ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමේ තැතක් ව්‍යර්ථ වෙයි – වෙඩික්කරුවෙක් රෝහලේ (වීඩියෝ)

කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (22) පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීම සඳහා දෙදෙනෙකු පැමිණ ඇති අතර, එහිදී වෙඩික්කරුවන්ගේ ගිනි අවි නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අපරාධය ව්‍යර්ථ වී ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීම සඳහා පැමිණි එක් වෙඩික්කරුවෙක් පළාගොස් ඇති අතර, අත්අඩංගුවට ගැනුණු අනෙක් වෙඩික්කරුවා තුවාල ලබා මීගමුව රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මොවුන් නිවසින් පළායන අවස්ථාවේ දී නිවසේ තාප්පයෙන් පැනීමට තැත්කර ඇති අතර, එම අවස්ථාවේ දී එක් වෙඩික්කරුවෙකුගේ පාදයක් කැඩී තුවාල සිදුව තිබෙනවා.

ඒ, හේතුවෙන් ඔහුට පළා යාමට නොහැකිව නිවස ඉදිරිපිට වැටී සිටිය දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57