නාන කාමරයට ගිහින් නිදහසේ නාන විධායක නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

ඇමරිකානුවන්ට නිදහසේ ස්නානය කිරීමට නොහැකිවන අයුරින් පනවා තිබූ සීමාවන් අවලංගු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපතිවරයා පසුගිය දා කටයුතු කර තිබෙනවා.

ඒ, ෂවර් හෙඩ් සඳහා ජල ප්‍රවාහය සීමා කරන නීති ලිහිල් කිරීම අරමුණු කරගත් විධායක නියෝගයකට අත්සන් කරමින්.

ඔහුට දිගු කලක් තිස්සේ ඇමරිකානුවන්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නියෝගයෙන්, ෂවර් හෙඩ් හරහා ගලා යාමට අවසර දී තිබූ මිනිත්තුවකට ගැලුම් ගණන සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා සහ ජෝ බයිඩන් යටතේ පනවා තිබූ සීමාවන් අවලංගු කර තිබෙනවා.

නාන කාමරවලට ලැබෙන ජල පීඩනය අවම කිරීමට නීති ඔබාමා සහ බයිඩන් පරිපාලන සමයේදී සකස්කර ඇති අතර, ජල සංරක්ෂණ නීති ඊට හේතු වී තිබෙනවා.

ට්‍රම්ප් විසින් අත්සන් තැබූ විධායක නියෝගයට අනුව මෙම ජල සංරක්ෂණ නීති වෙනස් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

“මම හරි ආසයි මගේ කාණ්ඩේ ලස්සනට තියා ගන්න. හොඳ වතුර පීඩනයක් නැතිව මට ස්නානය කිරීම ගැටලුවක්. මට පමණක් නොවෙයි, මං දන්නවා හැම ඇමරිකානුවන්ට ඒක ගැටලුවක්. ඉතිං නාන්න යද්දී හොඳ ජල පීඩනයක් අවශ්‍යයි. ඉක්මණින් ජලය ලැබීම අවශ්‍යයි. මම ෂවර් හෙඩ් එක යට විනාඩි 15ක් සිටගෙන එය තෙත් වන තුරු සිටිනවා. එය බිංදු, බිංදු, බිංදු ලෙස පිටතට පැමිනෙන්නේ එය හාස්‍යජනකයි.” යනුවෙන් මෙම විධායක නියෝගයකට අත්සන් තබමින් ට්‍රම්ප් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08