පාර්ලිමේන්තුව අද රැස්වෙයි – නීතිවිරෝධීව උපයාගත් දේපළ යළි පවරා ගැනීමේ පනත පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව අද දිනයේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත ප්‍රකාරව විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතපල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට වූ යෝජනා සම්මතය පිළිබඳ දැනුම්දීමට නියමිතයි.

එමෙන්ම එය විවාදයකින් තොරව සම්මත කිරීමට ද නියමිතව ඇති අතර, යෝජනා සම්මතය පිළිබද ඡන්ද විමසීමක් ද අද (08) පස්වරුවේ පැවැත් වෙනවා.

මේ අතර නීතිවිරෝධීව උපයාගත් වත්කම් යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම සිදුකිරීමට නියමිතව ඇති අතර, අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධිවිධාන පනත යටතේ නියමය අනුමත කිරීමට නියමිතයි.

හෙට (09) දිනයේ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම සිදුකිරීමට නියමිතව ඇති බව සඳහන්.

මේ අතර පසුගිය මාර්තු මස 14 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ “බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය අනිද්දා (10) දිනයේ පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40