ජාතික තලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් කාණ්ඩ ගත කිරීමට සහ එය පදනම් කරගනිම් බදු අය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් නායිකා චමරි අතපත්තු සහ උප නායිකා අනුෂ්කා සංජීවනි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය සිල්වා විසින් ද මීට විරෝධය පා පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
ඒ, අනුව ඔවුන් දෙදෙනා අදාළ තීරණයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම අප්‍රේල් මස 03 වනදා අභියාචනාධිකරණයේ දී විභාගයට ගැනීමට අද (28) නියම කළා.














Why only the cricket players can not pay the taxes as they are citizens and also their annual income reach over the minimum tax free level. Law has to be current, fair and authentic.