රනිල්ගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස අමාත්‍ය එරංග ගුණසේකර නම්කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට 2022 ජූලි 09 වන දින එල්ල වූ ප්‍රහාරයේ සහ ගින්න නිවා දැමීමට පැමිණි ගිනි නිවන හමුදාවට බාධා කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා නම් කර තිබෙනවා.

ඒ අනුව එම නඩුව ඊයේ (27) දින කැඳවූ අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ඔහු පෙනී සිටියේ නැති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

ගුණසේකර මහතාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහුට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

තවත් සැකකරුවන් කිහිප දෙනෙකුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නේ තම සේවාදායකයින්ට අධිකරණයට පැමිණීමට නොහැකි බවයි.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළ අතර ඊළඟ නඩු විභාගයේදී නියෝජ්‍ය අමාත්‍ය ගුණසේකර මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙසට ද නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
11
+1
131
+1
6
+1
8
+1
14
+1
20
Subscribe
Notify of
13 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?