ආදාහනයට ගේන මෘත දේහ BBQ කරන අමුතුම ආදාහනාගාරය

හෝමගම ප්‍රාදේශීය සභාවට අයත් මීගොඩ – මුතුහේනවත්ත ආදාහනාගාරය නිසි අයුරින් නඩත්තු නොකිරීම හේතුවෙන් ඒ තුළ ආදාහනය කරන දේහයන් අඩක් පමණක් පිළිස්සී ඉතිරිවන බව ප්‍රදේශවාසීන් පවසනවා.

පසුගිය 18 වනදා ආදාහනය සඳහා රැගෙන ආ දේහයක්; ආදාහනයට යොමුකර ඇති අතර, පැය භාගයක් පමණ ගතවූ පසු සැක සිතී දේහයේ හිමිකරුවන් ආදාහනාගාරය විවෘත කර බැලීමේ දී දේහය නිසි ආකාරයෙන් පිළිස්සී නිතිබූ ආකාරය දැකගත හැකිව තිබෙනවා.

එම අවස්ථාවේ කෝපයට පත් එම පුද්ගලයින් සහ ආදාහනාගාර සේවකයින් අතර ගැටුම්කාරී තත්ත්වයක් ද හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෘත දේහයේ රැගෙන ආ පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති අතර, හෝමගම ප්‍රාදේශීය සභාව ද දැනුවත්කර තිබෙනවා.

ඒ, අනුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ ඒ පිළිබදව සොයා බලා ආදාහනාගාරයේ තිබූ ගෑස් අවසන්වීම හේතුවෙන් දේහය පිලිස්සී නොමැති බවයි දේහයේ හිමිකරුවන්ට පවසා ඇත්තේ.

පසුව එම ස්ථානයට පැමිණි මීගොඩ පොලිසියේ නිලධාරීන්, ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සමඟ එක්ව ගෑස් සිලින්ඩර ගෙනවිත් දේහය යළි ආදාහනය සඳහා කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම ආදාහනාගාරයට ගෙන ආ එවැනිම ආකාරයට තවත් මෘත දේහයක් භාගෙට පිළිසීමේ සිද්ධියකට මීගොඩ, දහම් මාවත ප්‍රදේශයේ පිරිසකට ද මුහුණදීමට සිදුව තිබෙනවා.

හෝමාගම ප්‍රාදේශීය සභාව මඟින් දේහන් ආදාහනය සඳහා විශාල මුදලක් අය කළ ද අදාළ ආදාහනාගාරය නිසි පරිදි නඩත්තු නොවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙම ගැටලුව පිළිබඳව හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදුනේ ගුණතිලක මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ, ආදාහනයේගාරයේ කටයුතු සම්බන්ධයෙන් පියවර ගැනීම ආයතනික මට්ටමේ කටයුත්තක් බවත් එය මාධ්‍යයට අදාළ නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
4
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27
Video thumbnail
ඉරාන් හිනාවකුත් දාගෙන ගැම්මට වැඩ භාරගන්න එන හැටි..
02:10
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23