Update – දෙවුන්දර වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ බාලේ මල්ලී බවට සැකයක් (වීඩියෝ)

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට දී ඊයේ (21) රාත්‍රියේ වෙඩි තබා තරුණයින් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකරන පොලිසිය තවත් කරුණු කිහිපයක් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ, අනුව ඩුබායි හි සැඟව සිටින පටබැදි මද්දුමගේ ෂෙහාන් සත්සර හෙවත් බාලේ මල්ලී නැමැත්තා විසින් මෙම ද්විත්ව ඝාතනය මෙහෙයවා ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

බාලේ මල්ලී නැමැත්තා සමඟ ඝාතනයට ලක් වූ පසිඳු තාරක සහ යොමේෂ් නාදීශාන් නැමැති තරුණයින් දෙදෙනා ඇතිකර ගත් ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුකර ඇති බවට පොලිසිය වැඩිදුරටත් සැකපළ කරනවා.

මිතුරෙකුගේ උපන්දින සාදයකට සභාගී වී යළි නිවස බලා යතුරුපැදියකින් යමින් සිටිය දී වෑන් රථයකින් පැමිණි පිරිසක් මොවුන් දෙදෙනාට වෙඩි තබා පළාගොස් තිබුණා.

තරුණයින් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය පසුපසින් පැමිණි වෑන් රථය යතුරුපැදියේ ගැටීමට සලස්වා අනතුරට ලක්කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි ප්‍රහාරයෙන් අදාළ තරුණයන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, T56 වර්ගයේ ගිනි අවියක් සහ මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී T-56 උණ්ඩ කොපු 39ක් ජීව උණ්ඩ 02ක් ද; මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ කොපු 02ක් සහ ජීව උණ්ඩ 02ක් සොයාගැනිමට පොලිසියට හැකිව තිබෙනවා.

මේ අතර වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිනි තබා දමා ගොස් තිබිය දී පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ, තුළ ට්‌-56 තුවක්කුවකට යොදන මැගසීනයක් සහ තවත් T-56 උණ්ඩ කොපු තිබී හමු වී තිබෙනවා.

වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහේස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් අද (22) අලුයම් කාලයේ දී සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
17
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01